සිවිල් ලියාපදිංචිය
1. උප්පැන්න, මරණය, විවාහ සහතික නිකුත් කිරීම
2. අතීත උපත් (මාස තුනකට පසු උපත්) ලියාපදිංචි කිරීම
3. අතීත මරණ ලියාපදිංචි කිරීම (මරණයෙන් මාස තුනකට පසු)
4. උප්පැන්න සහතිකයේ නම කල් ඉකුත්වීම
5. උප්පැන්න සහතිකයක් වෙනස් කිරීම / ඇතුළත් කිරීම / අතහැර දැමීම (මවගේ තොරතුරු / පියාගේ තොරතුරු)
6. කොට්ඨාශයේ ලියාපදිංචි පල්ලි වල විවාහ ලියාපදිංචි කිරීම
7. කාර්යාල තුළ විවාහ ලියාපදිංචි කිරීම
හැඳුනුම්පත් නිකුත් කිරීම
- හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අදාල ඉල්ලුම් පත්‍රය (නව හැඳුනුම්පත - පු. ලි.දෙ.වි. 1, අනු පිටපතක් ලබා ගැනීම - පු.ලි.දෙ.වි. 7, හැඳුනුම්පත සංශෝධනය - පු.ලි.දෙ.වි. 8 )
- වයස අවුරුදු 15 පුද්ගලයකු හැදුනුම්පත් ලියාපදිංචියට යටත්වේ .
- වයස අවු. 50ට අඩු අයදුම්කරුවන් සදහා උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
- වයස අවු. 50ට වැඩිනම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති නම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා විකල්ප ලේඛන ( පාසල් හැරයාමේ සහතිකය, බෞතිස්ම සහතිකය, අයදුම්කරුගේ උපන් දිනය සඳහන් දරුවෙකුගේ උප්පැන්න සහතිකය, උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන, වතු හැරයාමේ සහතිකය, විදේශ ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික කළ පිටපත්, වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත, ජන්ම පත්‍රය ) හැකි පමණ
- විදේශයකදි උපත ලද්දකු නම් පුරවැසි සහතික
- අයිකාවෝ ප්‍රමිතියට අනුව පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප04ක්
- මුල්වරට හැඳුනුම්පතක් අයදුම් කරන්නේනම් අයදුම්කරුගේ මව/ පියා/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ ඡායා පිටපත
- ස්වාමි පුරුෂයාගේ නම ලබා ගැනීම සදහා විවාහ සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිට උපැවිදිව ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
- හැඳුනුම්පතට රාජකාරි තනතුර ඇතුළත් කළයුතු නම් මාස 03 කාලයක් ඇතුළත ලබාගත් සේවා සහතිකයක්
- නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
- සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
- විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිතව (අවශ්‍ය වන්නේ නම්)
- 2024 සිට හැදුනුුම්පතක් ලබා ගැනිම සදහා ගාස්තු සංශෝධනය
- පළමුවර හැදුනුම්පත ලබා ගැනීම රු. 320.00
- සංශෝධන හැදුනුම්පත ලබා ගැනීම රු. 620.00
- නැතිවු හැදුනුම්පත් අනුපිටපත් ලබා ගැනීම රු 1200.00
- වයස අවුරුදු 15ට වඩා වැඩි පළමුවර අයදුම්කරුවෙකු ඉහත රු. 2500.00ට අමතරව රු 320.00ක දඩ මුදලකට
යටත්වේ
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
- අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
.
උප්පැන්න, මරණ, විවාහ සහතික පිටපත් නිකුත් කිරීම
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ
උප්පැන්න සහතිකයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම කිරීම
බාගත කිරීම - ප්‍රකාශ පත්‍රය














