අපගේ දැක්ම

"සෞභාග්‍යමත් දේශයක් උදෙසා ජනතාවට විශිෂ්ට සේවයක් සැපයීම"

 

අපගේ මෙහෙවර


"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව කොට්ඨාසයේ තිරසාර සංවර්ධනය සදහා මානව හා භෞතික සම්පත් සඵලදායීව භාවිතයෙන් හා සම්බන්ධීකරණය කිරීමෙන් සියළුම පාර්ශවයන් වෙත e-රාජ්‍ය සේවාවන් ද ඇතුළුව විශිෂ්ඨ සේවාවන් සැලසීම"

  

මාස්පොත ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය වූ කලී .........

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුඩාගල්බොඩ කෝරළය නමින් හැදින්වෙන වර්ග කි.මි. 58.09ක භූමි භාගය මාස්පොත ප්‍රාදේශීය ‍‍ලේකම් කොට්ඨාසයට අයත් වේ. එය නැගෙනහිරින් යක්දෙස්සා කදුවැටියෙන් ද, බටහිරින් මගුරුඔයෙන් ද, සීමාවූ ග්‍රාම නිලධාරි වසම් 33ක් තුල පිහිටා ඇති ගම්මාන 80කින් සමන්විතවේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ජනගහනය 43674කි. කොට්ඨාසයේ මුළු පවුල් සංඛ්‍යාව 12731ක් වේ. ‍ජනගහනය බහුතර සිංහල බෞද්ධයන් වන අතර ඉතාමත් සුළු සංඛ්‍යාවක් වෙනත් ජාතීන් හා ආගම් අදහන අය වේ.

මාස්ප‍ොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අන්තර මාධ්‍ය දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරන අතර කෘෂිකාර්මික අංශයට වැඩි නැඹුරුවක් දක්වයි. මෙහි ප්‍රධාන ආර්ථික භෝගය පොල් වගාව වන අතර ප්‍රධාන කෘෂිකාර්මික භෝගය වී වගාව වේ. සුළු වාරිමාර්ග හා අහස් දිය යටතේ වී වගාව සිදු කෙරේ. ප්‍රදේශවාසීන් වැඩිදෙනෙකු‍ගේ ප්‍රධාන රැකියාව ගොවිතැන වුවද වර්තමානයේ මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේද සේවා නියුක්තිය කෙරෙහි යොමුවන ස්වාභාවයක් දක්නට ලැබේ. මාස්පොත ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාසය වයඹ පළාතේ අග නගරය වන කුරුණෑගල නගරයට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් අනෙකුත් නාගරික පහසුකම් භුක්ති විදීමේ මෙන්ම කො‍ට්ඨාසයේ දරු දැරියන්ට ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබී‍මේ අවස්ථාවද උදාවී ඇත.

අර්ධ නාගරික ප්‍රදේශයක්ව පැවති මාස්පොත ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දියත් වන විවිධාකාර වූ සංවර්ධන වැඩසටහන් නිසා ඉතාමත් සිඝ්‍රයෙන් නාගරික වෙමින් පවතින අතර පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ස්ථාව විශාල වශයෙන් ස්ථාපනය වෙමින් පවතී.

 

සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්

 

 

අනු අංකය

නම

තනතුර

සිට

දක්වා

1

ආර්. ඒ. පී.බී රූපසිංහ මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

10.08.1991

30.08.1992

2

ඩබ්. එම්. ජයවර්ධන මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

01.09.1992

01.08.1996

3

පී.බී.එම්.සිරිසේන මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

01.08.1996

31.08.1996

4

ආර්.එල්.ආර්.ඩබ්.බණ්ඩාර මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

01.09.1996

01.05.1999

5

ආර්.ඒ.පී.ඩබ්.එම්.ඒ.එස්. බණ්ඩාර මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

01.05.1999

14.11.1999

6

ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

15.11.1996

07.2002

7

ඒ.එම්.කේ.බී.අධිකාරි මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

08.2002

01.2004

8

පී.ඒ.කිත්සිරි මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

01.2004

05.2005

9

එම්.ඩී.එස්.බෙලිගොල්ල මහතා

සහකාර ප්‍රාදේශීය ලේකම්

05.2005

09.2005

10

කේ.ඩී.බී.ජයසිංහ මහතා

ප්‍රාදේශීය ලේකම්

09.2005

01.01.2012

11

වී.‍කේ.පී.පිලපිටිය මහත්මිය

ප්‍රාදේශීය ලේකම්

02.01.2012

09.04.2014

12

ආර්. එම්.ආර්. එම්. රත්නායක මහත්මිය

ප්‍රාදේශීය ලේකම්

10.04.2014

02.02.2017

13

ඩබ්ලිව්. එස්. සේනාතිස්ස මහතා

ප්‍රාදේශීය ලේකම්

16.02.2017

 01.07.2021

14

ඩබ්.ඒ්‍.එස්.එම්. විතානආරච්චි මිය ප්‍රාදේශීය ලේකම් 02.07.2021  

 

News & Events

03
පෙබ2026
Start Smart ව්‍යාපාරික වැඩමුළුව

Start Smart ව්‍යාපාරික වැඩමුළුව

ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න...

06
ජන2026
ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල   වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...

Scroll To Top