මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මාස්පොත ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය වූ කලී .........
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩාගල්බඩ කෝරලයේ උතුරින් දේවමැදි කෝරළයෙන් ද දකුණින් වල්ගම්පත්තු කෝරළයෙන් ද නැගෙනහිරින් මහගල්බොඩ මෙගොඩ උතුරු හා දකුණු කෝරළයන්ගෙන් හා කුරුණෑගල ,මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොව්ඨාශ වලින් ද යක්දෙස්සාගල කදුවැටියෙන් ද බටහිරින් මැදගම් දහයේ කෝරළය සහ මඟුරු ඔයෙන්ද සීමා වූ මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් 58 ක වපසරියකින් යුතුය. සුන්දර ගම්මාන 53 ක් අත් වූ මෙම භූමි භාගය ග්‍රාම නිලධාරී වසම් 33කින් සමන්විතය. සීමිත ජන ඝනත්වයක් වන 36949 ක පිරිසක් මෙහි වෙසෙයි. ඉන් පවුල් 2486ක් වූ සංඛ්‍යාව සමෘද්ධි ප්‍රතිලාභීන් ය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන අප රට වෙසෙන ජාතීන් සැමගේ එකතුවක් මෙහි වන අතර බහුතරය බෞද්ධයන් ය. හෙළයේ අනන්‍යතාවය රකිනා මෙහි ජනයා කෙත සරු කොට රටට බත සපයයි. යල මහ අහසේ සාරය මෙන්ම වැව් බැඳි වාරිය දිය කෙත සරු කරවයි. සක්දෙස්සාගල කන්ද ආශ්රිත විජය කුමරුගේ ලංකා ගමනය තෙක් දිවෙන ජනප්‍රවාදත් අතීතයට උරුමකම් කියන ඓතිහාසිකව ගනේගොඩ සංවැලි රජමහා විහාරයත් ඒදණ්ඩාවල ටැම්පිට විහාරයත් මාස්පොත කොට්ඨාශය සතු උරුමයන් වේ. කෘෂිකර්මය තම ජීවය වුවද අද රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන තම ජීවන ගමනට අත්වැලක් කොට ඇති බව දැක ගත හැක. නගරයේ පහස ලබන මාස්පොත වර්තමානයේ ක්‍රමයෙන් දියුණුවේ ගමන අරඹා ඇත. ජනප්‍රිය පාසල්, නාගරික පහසුකම් අද ජනයාට ලගා වී ඇත.














