බලපත්‍ර
- වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
- ව්‍යාපාර නාම ලියාපදිංචිය නිකුත් කිරීම
- දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
- දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- දැව හෙළීම /ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
- සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
- උකස් මධ්‍යස්ථාන බලපත්‍රය අලුත් කිරීම
- සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම
- උත්සව අවස්ථා සදහා මත්පැන් ලග තබා ගැනිමට අවසර ලබා දීම
- ගිනි අවි බලපත්‍ර ලබා දීම සදහා නිර්දේශ ලබා දීම
- රා තැබෑරුම් රේන්ද බලපත්‍ර නිකුත් කිරීම
- වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි බොරළු පස් කැණීම හා ප්‍රවාහන බලපත්‍ර
ව්‍යාපාර නාම ලියාපදිංචිය
- අදාල ඉල්ලුම්පත
- ව්‍යාපාරයට අදාල ආයතනවල නිර්දේශ
- ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවු රිසිට් පත්‍රයේ ඡායා පිටපතක්
- ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සහතික කිරීම සඳහා සහතික කරන ලද ඔප්පුවේ ඡායා පිටපතක්
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ව්‍යාපාර නාම ලියාපදිංචියෙන් පසුව වෙනත් ආයතන වලින් ලබා ගත යුතු නිර්දේශ සඳහා දිවුරුම් ප්‍රකාශය
දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්
- ග්‍රාම නිලධාරී විසින් මුල් පිටපත හා සසදා බලා සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ නිරවුල් අයිතිය ඉල්ලුම්කරුට නොමැති අවස්ථාවක ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩමට උරුමක්කරුවන් කිහිපදෙනෙකු සිටින විට ඉල්ලුම්කරු වෙත හෙළීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්
- නව ඉදිකිරීමක් සදහා ගස් හෙළීමට අපේක්ෂා කරයි නම් අදාල ඉදිකිරීමේ සැලැස්මක්
- අනතුරුදායක බව නිසා හෙළීම සිදු කරන්නේ නම් ප්‍රාදේශීය සභා / නගර සභා වෙන් ගස හෙළීමට දැනුම් දුන් ලිපි
- ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාල වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
- විදුලි රුහැන් මාර්ග අවහිරතා හෝ විරෝධතා අවස්ථාවලදී ඊට අදාල දැනුම් දීමේ ලිපි
- වැට මායිමක ගස පිහිටා ඇත්නම් ඉඩමේ ආසන්න (මායිම්) අයිතිකරු ඉල්ලුම්කරු අදාල ගස කැපීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රා/නි ඉදිරියේ කරනු ලබන ප්‍රකාශිත ලිපියක්
දැව හෙලීමේ අයදුම්පත්‍රය - කොස්
දැව හෙලීමේ අයදුම්පත්‍රය - පොල්
දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ පිළිබද ග්‍රාම නිලධාරී වාර්තාව
- කොස්/ රට දෙල්/ ගැහැණු තල් ගසක් නම් කැපීම සදහා නිකුත් කල බලපත්‍රය
- ග්‍රාම නිලධාරී විසින් සහතික කළ දැව කුට්ටි කිරීමේ ලේඛණය
- අඩවි වන නිර්දේශය
- දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද දැව/දැව භාණ්ඩ නැවත ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රවාහන බලපත්‍රයේ මුල් පිටපත සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල නිල කුවිතාන්සිය (අඩවි වන වාර්තා, ග්‍රාම නිලධාරී වාර්තා හෝ අවශ්‍ය නොවන අතර බලපත්‍ර ගාස්තු අය නොකරයි)
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ මිලට ගැනීමේ කුවිතාන්සිය
බලපත්‍ර ගාස්තු - රු. 236.00
නව උකස් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් අධිකාරී වාර්තාව
- සමාගම් සංස්ථාගත කිරීමේ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- නිති විරොධී හා අනීතික ක්‍රියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශය
- ගිනි හා සොර බිය ආවරණය වන පරිදි ලබා ගත් රක්ෂණ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ගිවිසුම
- බදු ඔප්පුවේ පිටපතක්
රැදවුම් තැන්පතු මුදල - 10,000.00
බලපත්‍ර ගාස්තුව - 1,000.00
මුද්දර ගාස්තු - 100.00
සුරාසැල් බලපත්‍ර නිකුත් කිරීම
- සුරාබදු කොමසාරිස් විසින් නිකුත් කරන ලද අනුමත ලිපිය (සුරා සැල් ගැසට් නිවේදනය අනුව ගාස්තු).
- සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද නිශ්කාශණ සහතිකය
- දේශීය ආදායම් කොමසාරිස් සහ පළාත් ආදායම් කොමසාරිස් විසින් බදු ගෙවූ බවට නිකුත් කරන නිශ්කාශන සහතික හා එහි ජායා පිටපත
- පසුගිය වර්ෂයේ බලපත්‍රය
වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි බොරළු පස් කැණීම හා ප්‍රවාහනය
කැණීම සඳහා -
- විධිමත්ව පිර වූ ඉල්ලුම් පත්‍රය
- ඔප්පුවේ පිටපත.
- පිඹුරේ පිටපත(අනිවාර්ය නැත).
- ඉල්ලුම්කරු ඉඩම් හිමියා නෙවේනම් ඉඩම් හිමියාගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් හෝ බඳු ගිවිස්නාව ඉදිරිපත් කළ යුතුය
ප්‍රවාහනය සඳහා -
- විධිමත් ව පිර වූ ඉල්ලුම් පත්‍රය.
- කැණීම් බලපත්‍ර හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක්.
- කැනීම් ඉඩමේ හා ලබා ගන්නා ඉඩම්වල ඔප්පවේ පිටපත














